බේවිස් මනතුංග තුළින් වික්ටර් හාරා ඇසුවෙමු
බේවිස් මනතුංග, අප යොවුන් වියේ සිට මහනුවර දලදා වීදියේ, Bake House ඉදිරිපිට විසල් මාර ගස යට හමුවූ මිතුරා…
අපට දේශපාලනය ගැනත්, විප්ලවය ගැනත්, සංගීතය හා කලාව ගැනත් අනුරාගය වැඩවූ සහෘදයා…..
වෙනස්කම් තිබියදීම එකට වැඩ කිරීමට දැරූ උත්සාහයන් ගණනාවකි. පළමුව අපේ පක්ෂ කමිටු තුළ බේවිස් සහෝදරයා ගැන කතා කළේ 2000 දශකයේ මුල එරබදුයාය සංස්කෘතික ප්‍රසංගයේ ගී ගැයීමට ඔහු ඉදිරිපත් වීමත් සමගය. අවසන් වරට කතා කළේ මීට සති දෙකකට පෙර ඔහු හා ඔහුගේ කලාව ගැන වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තීරණයක් ගත් මොහොතේය. පළමු වෑයම ඵලදැරූ අතර අවසන් වෑයම තවදුරටත් ප්‍රායෝගික නැත.
ඔබ අදින් පසු අප අතර නැති වුවද, අපේ වැඩිහිටි මිතුරා විශ්වාස කළ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනය සහ අපේ දේශපාලන මතවාද අතර 1990 දශකයේ සිට දැල්වුණු විවාද වලින් උපන් අවබෝධයන් ඔබ සමග මියයන්නේ නැත. ඒ සම්බන්ධයෙන් අප ඔබට ණය ගැතිය.
ඔබ අද අපෙන් සමුගත්තද ඔබ පිලිබඳ මතකය අප සිත් තුළ නොමැකී රැඳෙනු ඇත. ඔබේ හඬින් ඇසූ වික්ටර් හාරාගේ ගී අප සවන් තුළ ඉදිරියටත් රැව්දෙනු ඇත.
(පුබුදු ජයගොඩ ගේ මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදි)
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

