මියගිය සිසුවිය ඉගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිනියට ස්ථාන මාරුවක්
කළුතර හෝටලයක උඩු මහලින් වැටී මිය ගිය 16 හැවිරිදි සිසුවිය ඉගෙනුම ලැබූ කළුතර බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර තිබෙනවා.
මෙලෙස විදුහල්පතිනියව මාරු කර ඇත්තේ පාසලේ විනය පහතට වැටෙන අයුරින් කටයුතු කර තිබීම සහ ඇයගේ විනයද හොඳ නැති බවට ආදි සිසුවියන් හා දෙමව්පියන් විසින් අමාත්‍යාංශයට කරන ලද පැමිණිලි රැසක් හේතුවෙන් බවයි අනාවරණය වන්නේ.
ප්‍රදේශයේ පොදුජන පෙරමුණේ දේශපාලනඥයකුගේ රැකවරණය ලබමින් මෙතෙක් පාසලේ වැඩ කටයුතු කරගෙන ආ මෙම විදුහල්පතිනිය තමන්ට මාරු ලිපිය ලැබීමත් සමග පාසල් සංවර්ධන සමිතියේ තමන්ට හිතවත් දෙමව්පියන් කිහිපදෙනෙක් ගෙන්වා මාරු කිරීමට එරෙහිව අද (19) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

