Latestදේශීය

IMF ‌කොන්දේසි සහ EPF අනතුර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝග මත දේශීය ණය කපා හැරීමේ ක්‍රියාවලිය තුළ විශේෂයෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට (EPF) එල්ල වී තිබෙන අනතුරුදායක තත්වය වසන් කිරීමට ආණ්ඩුව සහ බලධාරීන් උත්සාහ කළ ද එය අසාර්ථක වී තිබේ.

“දේශීය ණය ප්‍රශ්ස්ථීකරණ ක්‍රියාවලිය“ වැනි නාමකරණයන් යොදා මෙරට බැංකු පද්ධතියෙන් සහ සේවක අර්ථ සාධක අරමුදලින් රජය ලබා ගෙන තිබෙන ණය විශාල ප්‍රමාණයක් කපා දැමීමට මේ වනවිට සැලසුම් සකස් කෙරෙමින් පවතී.

මේ මගින් මෙරට බැංකු පද්ධතියට විශ්‍රාම වැටුප් අරමුදල්වලට කිසිදු බලපෑමක් සිදු නොවන බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ ඇතැම් නිලධාරීන් ප්‍රචාරය කරමින් සිටිති.

එහෙත් පසුගිය 2022 වසරට අදාළව මහ බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සේවක අර්ථ සාධක අරමුදලට ඇති අවදානම පිළිබඳව පූර්ව අනතුරු අඟවීමක් සිදුකර තිබේ. ඒ “ඇතිවිය හැකි දේශීය ණය ප්‍රශස්ථීකරණ ක්‍රියාවලියකදී මෙලෙස වැඩි වශයෙන් රජයේ සුරැකුම්පත් මත යැපීමට සිදුවීම මගින් සේවක අර්ථ සාධක අරමුදලට යම් අවදානමකට මුහුණදීමට සිදුවිය හැක.“ යනුවෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් එහි සඳහන් කර තිබෙන්නේ “පැවති අහිතකර ආර්ථික හා මූල්‍ය තත්වයන් හේතුවෙන් අරමුදලේ ආයෝජන පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලිය වසර තුළදී අභියෝගාත්මක විය.“ යනුවෙනි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *