Latestක්‍රීඩාදේශීය

ක්‍රිකට් වට්ටපු Born again – විශේෂ අනාවරණය

ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවක් නෙවෙයි. ඒක ආගමක්. හැබැයි දැන් ඒක පිරිසකගේ ව්‍යාපාරයක්. මැච් එක, කට ඇරන් බලන් ඉඳලා කෑමොර දුන්නට ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ කලින් කළ සැලසුමක්. මේකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය කියන්නේ මැච් ෆික්සිං කියලා. සුද්ද සිංහලෙන් කියනව නම් මුදලට තරග පාවාදීම.

ශ්‍රී ලංකාව හොරකම්, දූෂණ වගේම වංචා අතින් ලෝකයේ අංක එකේ කප් එක දිනං ඉන්නේ. ඉතින් ක්‍රිකට් පස්ස ගහල බෑ. මේ නිසා 2015 වසරේ සිට ක්‍රියාත්මක වූ තිලංග සුමතිපාල පාලනය යටතේ අපේ ක්‍රිකට් කණ්ඩායම බොහොම අමාරුවෙන් ලොව දූෂිතම ක්‍රිකට් කණ්ඩායමට හිමි ජාත්‍යන්තර කිරුළ දිනා ගත්ත. ඊට කලින් අපි දින්නේ 96 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය හා 2014 පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලානය. මෙහෙම දූෂණ හා වංචා අතින් කප් ගහනකොට ලෝක කුසලාන දින්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බින්දුවෙනුත් පහලට දැන් වැටිල, නෑ වට්ටල ඉවරයි.

ඉතින් මේ වෙනස ඇති කිරීමට බුකීපාල කෙනෙක්ට සභාපතිකම ලබාදීම විතරක් ප්‍රමාණවත් වුණා. හැබැයි තිලංග සුමතිපාල සභාපති වුණේ ක්‍රීඩා සමාජ ඡන්දෙකින්. ප්‍රජාතන්ත්‍රවාදීව. දන්නවද එහෙම වෙන්නේ කොහොමද කියලා ? ක්‍රිකට් ඡන්ද අති බහුතරය තිලංගගේ නාමික රූකඩ ක්‍රීඩා සමාජ හිමිකාරීත්වය දරනවා. වරක් අර්ජුන එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළා පුළුවන් නම් ක්‍රිකට් ඡන්දය දිනල පෙන්නන්න කියල. ඉතින් රාජ්‍ය බලය පවා ක්‍රිකට් මාෆියාවට යට නම් වෙන මොන කතාද ? යකඩ මල්ලට ගුල්ලෝ ගහල නම් වී මල්ල ගැන කවර කතාද කිව්වේ මේවට.

මේකාලේ ක්‍රිකට් වැටෙනකොට තමයි ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු බෝන් අගේන් අරන් ක්‍රිකට් ආයතනයට ගොඩ වැදුණේ. එතන ඕන කුණු ගොඩකට කරගහන තැනක්. හොරු බඩු එක්ක මාට්ටි උනත් පරීක්ෂණ හෝ දඩුවම් නැති කම්බ හොරුන්ගේ තිප්පොලක්. හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති කාලේ වෝහාරික විගණනය කියල එකක් කරල පාර්ලිමේන්තුවේ අඩබෙර ගහල අදටත් වෙච්ච දෙයක් නෑ. පුස්ස බින්දා වගේ වැඩ කියන්නේ මේවට වෙන්න ඕන.

ඉතින් හොරකමට හා හොරුන්ගේ ආරක්ෂාව සදහා දෙයියන්ගෙන් වරම් ගන්න ක්‍රිකට් ආයතනය දෙපාරක් හිතන් නැතුව ඇති. ඒ නිසාම ඉන්ද්‍රජාලීය හැකියා ඇති දෙවියන් වහන්සේ එක්ක සෘජු සබඳතා තියෙන පොරක්ව කාලෙක ඉදන් හෙව්වා වෙන්නත් පුළුවන්. දෙන දෙයියෝ ගෙටම ගෙනත් දුන්නා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ කතා නායක ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු. ක්‍රිකට් වලට ආවේ ජෙරම්ව කවුරුත් දන් නැති අත දරු කාලේ.

ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු මුලින්ම අල්ල ගත්තේ ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා ව කියලයි කියන්නේ. හරිම තැනට කට්ට වැදුණා. තිලංග සුමතිපාල මේ පිටිපස්සේ හිටියේ නෑ කියන්න බෑ. මොකද තිලංගගේ අනුමැතිය නැතුව මැස්සෙක් වත් ක්‍රිකට් ආයතනය ඇතුලට එන් නෑ.

ඔය විදිහට පටන් ගත්ත දේව වික්‍රම දවසින් දවස පිලිලයක් දක්වා වර්ධනය වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු ක්‍රිකට් මුල් පුටු ඔක්කොටම හීන් නූලෙන් කට්ට ගැහුවා. ඉතින් කණ්ඩායමේ ක්‍රීඩකයින් තේරීම අන්තිමට මේ කල්ලියට ඕන විදිහට වෙන්න ගත්තා.

ඒකට කට්ටිය කිව්වේ බෝන් අගේන් පිල්ලිය කියලයි. මේ විදිහට ක්‍රිකට් පාලනය කළ බෝන් අගේන් සෙට් එකේ කියවෙන නම් පහළින් ලියාගෙන යන්නම්. එතකොට වැඩේ ගැන හිතාගන්න අමාරු කෙනෙක් ඉන්න බෑ.

ග්‍රැහැම් ලැබ්‍රෝයි – හිටපු සභාපති – තේරුම් කමිටුව
අසන්තද මෙල් – හිටපු සභාපති – තේරුම් කමිටුව
බ්‍රෙන්ඩන් කුරුප්පු – හිටපු තේරීම් කමිටු සාමාජික (අසන්තගේ කමිටුව)
චමින්ද මෙන්ඩිස් – හිටපු තේරීම් කමිටු සාමාජික (අසන්තගේ කමිටුව)
විනෝදන් ජොන් – හිටපු තේරීම් කමිටු සාමාජික (අසන්තගේ කමිටුව)
(මේ මට මතක ඒව. අඩු පිරවීම හා වැරදි නිවැරැදි කිරීමට පහළ කමෙන්ට් කෑල්ල භාවිතා කරන්න)

ඉතින් තේරුම් කමිටුවේ ඔක්කොම බෝන් අගේන් උනාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිකම්ම බෝන් අගේන් වුනේ නැත්නම් පුදුම වෙන්න ඕන නැද්ද ? ඉතින් එම කාල වල බෝන් අගේන් වන ක්‍රීඩකයින්ට වැඩි සැලකිලි ලැබුණා කියල වරින් වර චෝදනා එල්ල වුණා ඔබට මතක ඇති. මාධ්‍යත් නම් හංගල හැබැයි රස කරල වාර්තා කළා.

වැඩේ තේරුම් කමිටුවෙන් නැවතුන් නෑ. දැන් තමයි ඇත්තටම කතාවට එන්නේ.


ජෙරම් ජයරත්න පුහුණු අංශ ප්‍රධානී. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගේ බිරිඳ වන ටට්යානා ගේ පියා. මේ ගැන ලියපු අතීත කතාව මෙතනින් කියවන්න.
https://rb.gy/iyiue

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *