Latestදේශීයවිදේශීය

ලෝකයේ ගුරුත්වාකර්ෂණය අඩුම ලංකාවේ – නාසා ආයතනය

පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ ‘සී ඔෆ් ශ්‍රී ලංකා’ කලාපයේ යැයි නාසා ආයතනය සඳහන් කරයි.

එම ආයතනය විසින් වසර ගණනාවක සිට සිදුකරන ලද පරීක්ෂණයක් අනුව මේ බව හෙළි වී ඇත.

ඔවුන් විසින් සිදු කරන ලද පරීක්ෂණය අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකු බර තුර්කියේ සිටින සංචාරකයකුට වඩා අඩු බව හෙළි වී ඇත.

නවසීලන්තයේ සිටින කිලෝ ග්‍රෑම් 68ක් බර අයෙකු ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ දී කිලෝ ග්‍රෑම් 65 ක් දක්වා බර අඩු වන බවද එම අධ්‍යනය අනුව හෙළිවී ඇත.

ලෝකයේ විවිධ ස්ථානවල පවතින ජලයේ ඝනත්වය සම්බන්ධයෙන් ලබාගත් චන්ද්‍රිකා දත්ත මෙම සොයා ගැනීම පාදක කරගෙන ඇත.

ශ‍්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය හැරුණු විට මාලදිවයින නැගෙනහිර ප්‍රදේශය ඉන්දියන් සාගරයේ හඩ්සන් බොක්ක ආශ්‍රිත ප්‍රදේශ උතුරු කැනඩාව ද මෙසේ අඩු ගුරුත්වාකර්ෂණ සහිත ප්‍රදේශ බව හෙළිව ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *