වැව් 5ක් ගොවිජන සංවිධාන පාලනයට
දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වැව් පහක් (05 ) ගොවි සංවිධාන වෙත භාරදීම, කෘෂිකර්ම රාජ්‍ය (පශු සම්පත් සංවර්ධන) අමාත්‍ය ඩී.බී. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (16) සිදුකෙරිණ.
ඒ අනුව වදුරැස්ස ගමේ වැව, කරුවලගස්වැව, පහළ කුඩා වත්ත වැව, බෙරූ වැව , කුඹුක්ගැටේ මැදවැව , අදාල ගොවිසංවිධාන වෙත භාරදීම සිදුවිණි.
පිල්ල මහ වැව අසල පැවැති ගොවි හමුවේදි ගොවි ජනතාවගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කෙරුණ අතර ප්‍රදේශයේ කෘෂි දියුණුව උදෙසා බොහෝ කටයුතු එහිදී සාකච්ඡා කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

