Latestදේශීය

පොලිස් හොරෙක් අල්ලයි

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරයෙකු මහවස්කඩුව ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබේ.

අල්ලාගත් ඔහුව ප්‍රදේශවාසින් විසින් කළුතර උතුර පොලිසියට භාර දී ඇත.

මෙලෙස පොලිසියට භාර දී ඇත්තේ බදුරලිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

මොහු අසනීප නිවාඩු වාර්තා කර මහවස්කඩුව ප්‍රදේශයට යතුරු පැදියකින් පැමිණ තිබේ.

එහිදී මෙම කොස්තාපල්වරයා තවත් යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ලකා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙලි වී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *