Latestදේශීය

ඩොලරය ඉහළ යනවා, රුපියලට ආන්ඩුව කළ දේ ‌‌මෙන්න

ඩොලරයක් රුපියල් 400-450ක් වීමේ ඉඩකඩක් ඇති බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නායක මංජු නිශ්ශංක මහතා සඳහන් කරයි.

දැනට ඇත්තේ විකෘති කරන ලද ආර්ථිකයක් බවත් එය නැවත ප්‍රකෘතිමත් කර මෙරටට විදෙස් භාණ්ඩ නිදහසේ ගෙන්වීමට ආරම්භ කළ පසු මෙම තත්ත්වය උදා වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

දැනට ඩොලරයක් රුපියල් 300 මිල සීමාවේ පවතින්නේ ආර්ථිකය විකෘති තත්ත්වයක ඇති නිසා බවත් එය ප්‍රකෘතිමත් වන විට ඩොලරයේ අගය ඉහළ යනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

එනම් අත්‍යවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු ආනයනික ද්‍රව්‍ය සාමාන්‍ය පරිදි ගෙන්වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වනු ඇති බවත් හෙතෙම පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *