Latestදේශීය

දේශබන්දු විශ්ව විද්‍යාල වලට ‌අළුත් ඇල්මක් දක්වයි

විශ්වවිද්‍යාල උප කුලපතිවරු කිහිපදෙනෙකු කරණලැදයි කියන ඉල්ලීමක් මත විශ්වවිද්‍යාලවල ආරක්ෂාව සඳහා පොලිසිය යෙදවීමට දැනටමත් පියවර ගෙන ඇති බව අද (22) නිකුත් වූ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය යන විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු අදාල ඉල්ලීම කරන ලද බව දිනමිණ වාර්තා කර ඇත. විශ්වවිද්‍යාල අසළ, ශිෂ්‍ය නේවාසිකාගාර අසළ අදාල ආරක්ෂාව යොදවා අමතර මුර සංචාර යොදවන බවද එයින් හෙළි කර තිබේ. මීට අදාල සාකච්ඡාව පසුගිය 16, 17 සහ 18 යන දිනවල පැවැත්වූ බවත් මහජන ආරක්ෂ ඇමති ටිරාන් අලස් එම අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පත් සී.ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් සහභාගී වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්.ඩී කරුණාරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති කථිකාචාර්ය උපුල් සුභසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිලන්ති ද සිල්වා යන තිදෙනා අදාළ සාකච්ඡාවට සහභාගී වූ බව එම පුවත්පත වාර්තා කර තිබේ. එහිදී තවදුරටත් සඳහන් කර තිබෙන්නේ “විශ්වවිද්‍යාලවල හොරකම් මර්දනය කිරීමට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තවත් ක්‍රියාමාර්ග ගන්නැයි…” මහජන ආරක්ෂක ඇමති වරයා නියෝග කළ බවයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *