Latestදේශීය

විදුහල්පතිනිය ඉල්ලා අද කළුතර නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්

කළුතර බාලිකාවේ ආදිශිෂ්‍ය්‍යාවන් , දෙමාපියන්, පාසැල් සංවර්ධන සමීතිය, පාසල හා බද්ධ වූ සිවිල් ප්‍රජාව , ව්‍යාපාරික ප්‍රජාව, සහෝදර පාසැල්වල ගුරුවරු,  විදුහල්පතිවරු, පාසලේ අනධ්‍යන සේවකයින්,  පාසැලේ ගුරුවරුන් ඇතුළු බහුජන ක්‍රියාකාරීන් එක්ව අද(22)  දහවල් කළුතර නගර මධ්‍යයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා. ඒ කළුතර බාලිකා විදුහලේ විදුහල්පතිනියව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගේ අත්සනින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබාදීමට එරෙහිවයි.

කළුතර බාලිකාව සුරැකීමේ සංවිධානය යන බැනරය යටත් එම උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් වුනා.  බස් නැවතුම්පලට පෙලපාලියකින් පැමිණ මාර්ගය අවහිර කර රැස්වීමක් පවත්වමින් ඔවුන් පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ස්ථාන මාරුව අවලංගු කළ යුතු බවයි. තවද ඒ සදහා අධ්‍යාපන අමාත්‍යවරයාට සහ  අධ්‍යාපන අමාතශංශයේ ලේකම් වරයාට දින තුනක කාලයක් ලබා දෙන බවත් එම දින තුන ඇතුළත විදුහල්පතිනියව පාසලට නැවත ලබා නොදුන්නහොත් සිකුරාදා දින දැවැන්ත  මහජන සහභාගිත්වයකින් යුතුව  අධ්‍යාපන අමාත්‍යංශ වටලන බවත්  මෙහිදී කළුතර බාලිකාව සුරැකීමේ සංවිධානය ආන්ඩුව දැනුම් දුන්නා.

තවද කළුතර බාලිකා විදුහලේ ආදිශිෂයාවක් වන ආදිශිෂ්‍ය සංගමයේ වත්මන් භාන්ඩාගාරිකවරියගේ අතකොලුවක් ලෙස කටයුතු කරන්නට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිඵල නුදුරු දිනෙක දැකබලා ගැනීමට හැකිවන බව මෙහිදී කළුතර බාලිකාව සුරැකීමේ සංවිධානය අවධාරණය කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *