Latestදේශීය

හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හල වසා දමයි

මෙරට ඩොලර් හොයා දුන් මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හලේ සේවා කටයුතු අද (22) සිට නිමා කරන බව දන්වා තිබේ.

ඒ අනුව සේවක සේවිකාවන් 1080කට ආසන්න ප්‍රමාණයක් සේවා කරමින් සිටි එම ඇඟලුම් කම්හල හෙට සිට වසා දැමීමට තීරණය කර ඇත.

හයිඩ්‍රාමනී නිශ්පාදන කටයුතු ජාත්‍යන්තරයට යොමු කරමින් මෙරටට ඩොලර් ගෙන ඒමට පසුගිය සමයේදී ඉහළ දායකත්වයක් ලබා දී තිබිණි.

එහි අංශ දෙකක සේවක සෙවිකාවන් මේ වනවිටදී සීතාවක හා අවිස්සාවේල්ල දිවුරුම්පිටියේ පිහිටි හයිඩ්‍රාමනී සමූහයේ කර්මාන්ත හාලා වෙත අනියුක්ත කර ඇත. මෙන්ම මෙහි සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් සැපයීම, ආහාර පාන ලබාදීම, ප්‍රවාහන පහසුකම් ලබාදිම ආදිය ජීවනෝපාය කරගත් බොහෝ පිරිසක් දැඩි අර්බුදයකට ලක්ව තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *