Latestදේශීය

ටිරාන්ගේ අළුත්ම මෙහෙයුම

කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල අවට ආරක්ෂාව තර කිරීමටත් රාත්‍රී මුර සංචාරය වැඩි කිරීමටත් පොලිසිය පියවර ගෙන ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් පසුගියදා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සමඟ කරන ලද සාකච්ඡා වලින් අනතුරුව පොලිස්පතිවරයාට දුන් උපදෙස් මත මෙම වැඩපිලිවෙල ක‍්‍රියාත්මකය.

පොලිස්පති වික්‍රමරත්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යන මහත්වරුන්ද මෙම රැස්වීමට සහභාගි වී ඇත.

කොළඹ විශ්වවිද්‍යාලය තුළ සොරකම් වැඩි වී ඇතැයි එහි උපකුලපතිවරයා පෙන්වා දීමෙන් පසු අමාත්‍යවරයා සහ පොලිස්පතිවරයා විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නේවාසිකාගාර ආසන්නයේ ආරක්ෂාව වැඩි කරන ලෙස එහි උපකුලපතිවරැන් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව විශ්වවිද්‍යාල ආසන්නයේ ආරක්ෂක මුර සංචාර වැඩි කිරීමට අමාත්‍යවරයා දන්වා ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *