සියඹලාපිටිය කියන ආන්ඩුවේ සුදු අලියාගේ කතාව
පසුගිය 2021 වසරේදී සම්මත කරගත් 2022 වසර සඳහනා වන අයවැය ලේඛනයට අනුව ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 5ක් සම්පූර්ණ කළ යුතුය යන්නත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර 10ක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුය යන්නත් වන යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොවී සුදු අලියෙකු බවට පත්ව තිබීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළත් රටේ ප්‍රධාන මාධ්‍ය තුළත් වාර්තා වෙමින් පවතින අතර ඒ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ඊයේ (21) පෙරවරුවේ මාධ්‍ය වෙත් ප්‍රතිචාර දක්වා තිබිණි.
ඒ දෙහිඕවිට ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් විසින් සිදු කළ ප්‍රශ්න කිරිමේදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමිනි.
එවැනි ජනප්‍රිය යෝජනා යට යෑම වැළැක්වීම සඳහා අයවැය කාර්යාලය මගින් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව එහිදී ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් මහජන නියෝජිතයින් සඳහා තිබූ වරප්‍රසාද බොහොමයක් වර්තමාන මුදල් ඇමති විසින් කප්පාදුවට ලක්කර ඇති බවද රාජ්‍ය ඇමති මෙහිදී ප්‍රකාශ කර ඇත.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට මෙතෙක් වසරකට ලබාදුන් රුපියල් ලක්ෂ 02ක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් (රු. 1,000,000) දක්වා ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ගෙනා යෝජනාව මේ වනවිට සම්මත වී ඇති අතර එය මේ වසරේ අගෝස්තු මස 20 වැනිදා සිට ක්‍රියාත්මක වීමටද නියමිතය.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

