Latestදේශීය

හෙට සිට උපකාරක පන්ති තහනම්

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3568කදී පැවැත් වේ.

විභාගයට අදාළව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම හෙට(23) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නපත්‍ර මුද්‍රණය, ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමද සම්පූර්ණයෙන්ම තහනම්ය.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩ කරයි නම් හෝ උල්ලංඝනය කරයි නම් ඒ පිළිබඳව පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පොලිස් මූලස්ථානය 011 2421111
පොලිස් හදිසි ඇමතුම් අංකය 119
විභාග දෙපාර්තතෙම්න්තුවේ ක්ෂණික ඇමතුම් අංකය 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112784208 / 011 2784537


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *