Latestදේශීය

මර්වින් අධිකරණයට

අයුතුලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී කලහකාරී ආකාරයෙන් හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

අද (23) එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවයි.

නොවැම්බර් මස 07 වනදා අදාළ පැමිණිල්ල නැවත කැඳවීමට නියම කළ අධිකරණය එදිනම විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙසත් නියෝග කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *