Latestදේශීය

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉවත් කිරීමේ විවාදය අද

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී ලබන පාර්ලිමේන්තු සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සිදුවිය.

මේ අනුව පාර්ලිමේන්තුව ඊයේ (23 ) සිට 26 දක්වා රැස්වීමට නියමිතය. අද පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත අනුව එම කොමිෂන් සභාවේ වත්මන් සභාපතීත්වය සහ සාමාජිකත්වය දරන ජේ. ඩබ්. එම්. ජේ. පී.කේ රත්නායක මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනා සම්මතය විවාදයට ගැනීමට ද නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *