Latestදේශීය

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයාට දුන් දඩුවම

අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා විසින් මෙරටට රැගෙන ආ නීති විරෝධී භාණ්ඩ වල මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 78.2 ක් බවට වාර්තා වනවා. ඊයේ (23)පෙරවරුවේ ඒ මහතා ඩුබායි රාජ්‍යයේ සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාව බලා පැමිණි අවස්ථාවේදී රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු විසින් මෙරටට නීති විරෝධීව රැගෙන ආ භාණ්ඩ අතර වූ රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 74 ක් වනවා.

ශ්‍රී ලංකා රේගුව පවසන්නේ ඔහු විසින් ජංගම දුරකථන 91ක්ද රැගෙන විත් ඇති අතර එම දුරකථනවල වටිනාකම රුපියල් මිලියන 4.2ක් බවය. මේ අතර වාර්තා වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍ අලි සබ්රි රහීම්රී මහතාට රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කර මුදා හැර තිබෙන බවයි. මේ අතර රේගු මාධ්‍ය ඒකකය සඳහන් කරන්නේ අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *