දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය අද (25) ගොඩ ගනී ?
ප්‍රකට ව්‍යාපාරික දිනේශ් ශාෆ්ටර් මහතාගේ මළ සිරුර අද (25) පෙරවරුවේ නැවත ගොඩ ගැනීමට නියමිතව තිබෙන වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරන්නේ, ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අධිකරණ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මළ සිරුර අද ගොඩ ගන්නා බවයි.
ශාෆ්ටර් මහතාගේ මළ සිරුර මිහිදන් කර ඇති බොරැල්ල කනත්තේ අදාළ ස්ථානයට බොරැල්ල පොලීසිය විසින් ආරක්ෂාව සපයා ඇත.ඔහුගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකයයි.ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ඒකකය විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

