Latestක්‍රීඩාදේශීය

අර්ජුන පත් කිරීම නීති විරෝධියි

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි යයි ක‍්‍රිඩා අමාත්‍ය උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා පවසයි.

ක‍්‍රීඩා ඇමතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයාගේ පත්වීම නීති විරෝධි බව.

  • 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇත.
  • 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (3) වගන්තියේ සභාවට පත් කරනු ලැබූ සාමාජිකයෙකු තමාගේ සාමාජිකත්වය දරන තාක් කල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක හෝ සංවිධානයක ධූර දැරීම නතර කල යුතුය.

වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) විධායක කමිටු සාමාජිකයෙකු වශයෙන් 2021 ජූනි මස සිට තේරි පත් වී ඇත. ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතාව 2022 අගෝස්තු මස 10 වන දින සිට ඔබතුමා විසින් පත් කර ඇත (ඔහු සිංහල ක්‍රිඩා සංගමයේ දරනු ලබන තනතුර සනාථ කිරීමට අවශ්‍ය ලේඛන මෙයට අමුණනා ඇත).

ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසන් කොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝණය කර ඇත.  ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් ‌මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවේ.

ක්‍රීඩා සභාවේ සාමාජිකයින්ට පත්වීම් ලිපිය සමගම නීතිරීති සහ කාර්යය භාරය පිළිබදව ලිපි ගොනුවක් ද ප්‍රධානය කරණ ලදි.

මෙම කරුණු සැලකිල්ලට ගෙන අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවට නිර්දේශ කරමි.

සුදත් චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ උපදේශක

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *