Latestදේශීය

දිනේෂ් ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය පිළිබඳ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. කොළඹ විශ්වවිද්‍යාලයෙහි වෝහාරික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය විසින් මෙම දෙවන පශ්චාත් මරණය සිදු කිරීමට නියමිතයි.මෙම පංච පුද්ගල විනිසුරු මඩුල්ල පත් කරනු ලැබුවේ අධිකරණය විසිනුයි.මීට මාස පහකට පෙර මියගිය ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ දේහය ඊයේ (25) නැවත ගොඩගනු ලැබුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *