Latestදේශීය

රටවිරු සුභ සේවය අද (26)බදුල්ලේදී

විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය ඉහළ නැංවීමත්, විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කරන රටවිරු සුබ සේවා සහ දැනුවත් කිරීමේ වැඩසටහන ඌව පළාත කේන්ද්‍රකරගනිමින් මැයි 26 (අද ) බදුල්ලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, විගමනික ශ්‍රමිකයින් ඇගයීම සහ විදෙස්ගත ශ්‍රමික පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා සහාය වීම ඇතුළු වැඩසටහන් රැසක් ඌව පළාත් විගමණික සම්පත් මධස්ථානයේදී සිදුකිරිමට පියවර ගෙන තිබේ.

එහිදී ඌව පළාතේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 212 දෙනෙකු සදහා එක් අයෙකුට රු.10,000.00 බැගින් වටිනා පාසල් උපකරණ බෙදාදීමටද, ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පදිංචි විගමණික ශ්‍රමිකයින්ගේ 5 වසර ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන දරුවන් 90 දෙනෙකු සඳහා රුපියල් මිලියන 2.33 ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

ඊට අමතරව වැඩිම වාර ගණනක් කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ඌව පළාතේ හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රමිකයින් 179 දෙනෙකු අගයකිරීම උදෙසා තිලිණපත් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත.

මෙම සුභසාධන වැඩසටහනට සමගාමීව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ප්‍රජාවට හා මහජනතාවට සිදුවන සේවාවන් සම්බන්ධයෙන් ඌව පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, පොලිස් නිළධාරීන්, සියළුම වසම්වල ග්‍රාම නිළධාරීන්, විදුහල්පතිවරුන් හා ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *