Latestදේශීය

අමතර ප්‍රතිපාදන නම් විශේෂ වරප්‍රසාද

මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය යටතේ ස්ථාපනය කරන ලද සීමානීර්ණ කොමිෂන් සභාව වෙනුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් රුපියල් ලක්ෂ 76කට අධික මුදලක් අමතර ප්‍රතිපාදන ලෙස ගෙවා ඇති බව අනාවරණය වේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරුක වියදම් ලයිස්තුවෙන් මේ බව හෙළි වී තිබේ.

2023 මාර්තු 15 වනදින ප්‍රතිපාදන ලබාගත් වැය ශීර්ෂ අංක 25 යටතේ රුපියල් හැත්තෑ හයලක්ෂ හතලිස් එක්දහස් හැටක් (රු. 7,641,060) ගෙවා ඇත. මෙම කොමිෂන් සභාව වෙනුවෙන් දරනලද මුළු වියදම මෙතෙක් හෙළි වී නැත. රනිල් වික්‍රමසිංහ විසින් පළාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා ගෙනයනලද විවිධ ක්‍රියාමාර්ග අතර මෙම සීමානීර්නයද යොදාගන්නා ලද බවට බරපතල විවේචනයක් එල්ල වී තිබිණි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *