Latestදේශීය

ගෝඨාභයගෙන් කෝටි 21ක පොල්ලක්

ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ 2014 වර්ශයේ පවත්වන ලද දැයට කිරුළ ප්‍රචාරක ව්‍යාපෘතියට සමෘද්ධි සංවර්ධන අරමුදලෙන් ලබාගෙන ඇති රුපියල් කෝටි 21ක මුදලක් පියවා නැති බව අනාවරණය වේ.

එම මුදල් වියදම් කිරීමෙන් වසර 07කට පසුව මෙම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ විගණන වාර්තාවකින්ය.

මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබාගෙන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට නැවත පියවීමේ (ප්‍රතිපූර්ණය කිරීමේ) පදනම මත අදාල මුදල් වියදම් කර ඇත. යුද්ධය නිමා කිරීමෙන් පසුව දැයට කිරුළ නමින් රාජපක්ෂ පාලනය සම්බන්ධ විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා රුපියල් කෝටි දහස් ගණනක් වැය කර තිබිණි. මෙම මුදල් වියදම් කිරීමේදී වෙනත් අරමුදල්ද යොදවා ඇති ආකාරය මෙමගින් හෙළි වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *