Latestවිදේශීය

ජපානයේ වෙඩි තබා 4 දෙනෙක් මරා දමයි

ජපානයේ වෙඩි තැබීමකින් සහ පිහි ඇනුමකින් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

වෙඩි තැබූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ.නාගානෝ ප්‍රාන්තයේදී මෙම වෙඩිතැබීම සිදුව තිිබෙනවා. ප්‍රහාරය එල්ල කල පුද්ගලයා කාන්තාවකට පිහියෙන් ඇන ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා තිබෙනවා .31 හැවිරිදි මෙම සැකකරු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ පුතකු වන Masamichi Aoki ලෙසට හදුනාගත් බව පොලිසිය සඳහන් කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *