Latestදේශීය

තුයියකොන්තා ගේ ප්‍රකාශය අධිකරණයේ විකාශයට අවසර

ජාතික ජන බලවේගයට අනුබද්ද විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානියෙකු වන විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා විසින් එම සාමූහිකයේ ගමපහ පැවති රැස්වීමකදී සිදු කළ කතාව ලබන සැප්තැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විකාශය කිරීමට අවසර ලබා දී තිබේ.

ඒ, උක්ත කතාව පදනම් කරගෙන තමන්ගේ විශ්‍රාමික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ආණ්ඩුවෙන් පනවා ඇති සීමා කිරීම්වලට (Black List) එරෙහිව ගුවන් හමුදාපතිවරයා ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල් සම්පත් තුයියකොන්ත විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (26) විභාගයට ගත් අවස්ථාවේදීය.

ගුවන් හමුදාපති, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියා හා ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අතර මෙම පෙත්සමට අදාලව විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර ඇත.

මෙහිදී අද දිනයේ අධිකරණයේදී පැමිණිලිකාර පාර්ෂවයේ නීතීඥයින් අධිකරණයේදී තර්ක කර ඇත්තේ වගඋත්තර කාර පාර්ශවයට කිසිදු ආකාරයකින් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අසාදු ලේඛන ගත කිරිමට පදනමක් නැති බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *