Latestදේශීය

වසර 75ක පවුල් පාලනය අවසන් කරනවා

දේශපාලන හිතවත්කම් මත ලබා‌ දෙන නිළතල හරහා දේශපාලනඥයින් තමන්ට අවශ්‍ය දේවල් කරගන්නට උත්සාහ කළත් තමන එලෙස දේශපාලනඥයින්ට අවශ්‍ය දේ කරන්න කිසිසේත්ම ක්‍රියා නොකළ බවත් ඒ නිසාම තමන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී ජනතාවට විරුද්ධ බලවේගය ක්‍රියාත්මක වූ බවත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සහ ඉන් ඉවත්කළ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මෛත්‍රිපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට කිසිදු දිනයක තමන් සර් කියා නැති බව පවසන රත්නායක මහතා එලෙස සර් කියන්න අවශ්‍යතාවයක් ද නැති බව පවසනවා.

කන්චන විජේසේකර සහ තමන් අතර ගැටුමට සැලසුම සකස් කළේ නාමල් රාජපක්ෂ නොවන බවත් නාමල් ද තමන්ට විරුද්ධව ඡන්යට දුන් බවත් පාර්ලිමේන්තුව හරහා පරාජයට පත් කළේ තමන්ව නොව මේ රටේ සමස්ථ ජනතාවව බවත් ජනක රත්නායක මහතා පවසනවා.

තමන් මීළග ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවත් අවුරුදු 75ක් පවුල් දේශපාලනය රටට කළ විනාශ‌යෙන් රටත් ජනතාවත් මුදවාගැනීමට ක්‍රියාකරන බවත් ජනක රත්නායක මහතා වැඩිදුරටත් පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමග සංවාදයකදී ඔහු මෙම අදහස් පල කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *