Latestදේශීය

කංසා නියමු ව්‍යාපෘතියට අවසර

ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස කංසා වගා කිරීම සඳහා විශේෂඥයන්ගේ අවසරය හිමිවූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

මෙරට ආයෝජන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී අද (26) පස්වරුවේ පැවැත්වුණි.

එහිදී අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

“ආයෝජන මණ්ඩලය කංසා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සඳහා ආයෝජකයින් සොයමින් ඉන්නේ ළඟදී නිකුත් කළ විශේෂඥ කමිටු වාර්තාව මගින් ආයෝජන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන්න අනුමැතිය ලබාදි තිබෙනවා. ඒ සඳහා අපි ආයෝජකයින් හා විශේෂඥයන් සමග සාකච්ඡා කරමින් සිටිනවා. ළඟදීම අප එය අත්හදා බැලීම ආරම්භ කරනවා. ඒ සඳහා අපට ප්‍රදේශයක් තෝරාගත යුතු වනවා. එය බොහෝවිට කලාපයක් වෙයි. විදේශ විනිමය වැඩියෙන් ගෙනෙන අප එය ආයෝජකයන් කිහිපදෙනෙකු සමග ආරම්භ කිරීමට අදහස් කරනවා. ඔවුන් කංසා වැවීම පමණක් නොවෙයි අවම නිෂ්පාදනයන් සැකසිය යුතුයි. එයයි රටට ආදායමක් වන්නේ. එය සිදුකරන ආකාරය සාකච්ඡා කරමින් සිටින්නේ. මොකද නීති සකස් කළ පසු මතභේදයක් පැවතිය යුතු නැහැ. කමිටු වාර්තාව අනුව අපට ඒ සඳහා එය සිදුකරන ආකාරය ගැන කැබිනට් පත්‍රිකාවක් අවශ්‍යයි.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *