නොමිලේ පොහොර දීම ඇරඹේ
තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවය.
මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර තිබේ.
මේ අතර අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හෙක්ටයාරයකට රුපියල් 20,000 බැගින් ලබාදීමේ වැඩසටහනද මේ වනවිට ආරම්භ කර ඇති බවය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

