Latestක්‍රීඩා

ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට

මුම්බායි ඉන්දියන්ස් සහ ගුජරාට් ටයිටන්ස් අතර ඊයේ (26) පැවැති අවසන් පුර්ව වටයේ තෙවන තරගයේ ජය හිමි කරගැනීමට ගුජරාටි කණ්ඩායම සමත් විය.

ඒ අනුව ගුජරාට්  කණ්ඩායම ලබන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම මේ වනවිටත් අවසාන මහ තරගයට සුදුසුකම් ලබා තිබේ.

IPL තරගාවලියේ අවසන් මහා තරගයට අවස්ථා 9කදී සුදුසුකම් ලැබු චෙන්නායි කණ්ඩායම ඉන් අවස්ථා 4කදී ශූරතාව හිමි කරගැනීමට සමත් වුණි.

ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 233ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් පන්දුවාර 18යි පන්දු02ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 171ක් පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *