Latestදේශීයමතවාද

මදුෂාන්ට සහ අනිත් අයට

(නීතිඥ රිවිහාර පින්නදූව)

අන්තරේ කැදවුම්කරු වෙච්ච අලුත් කොල්ලට කට්ටියක් දාගෙන මඩ ගහනව. ඒක ඉතිං අලුත් දෙයක් නෙමෙයිනෙ. නජිත් අයිය පත්වුන වෙලේ ඉදන් හැම පාරම එයාලගෙ ගේම් කෙල වෙද්දි පත්වෙන එකාට කෙලවන්න පුලුවන් හැමදේම කරනව. අපි ඉතිං ඕවගෙ ජීවමාන සාක්ෂිකරුවො. ඇත්ටම ඒදවස් වල අපිත් නහුතෙට මල පැනල උන්නෙ සමහර ගදගහන වැඩ දැකල. ඒත් දැන් ඉන්න කොල්ලො කෙල්ලන්ට කියන්න තියෙන්නෙ ඕන මලහත්තිලව්වක් ඔහෙ කියාගත්තාවෙ. ඩොලර් වලින් ගණුදෙනු කරන රටක රුපියලක් තරම්වත් ඕව ගණන් ගන්න එපා.

ඒකට හොදම උදාහරණය වසන්ත. දැන් තරම් අන්තරේ කැදවුම්කරු පත්වෙන එකට අවධානයක් ආවෙ නැති හින්ද වැඩි දෙනෙක් නොදන්නව උනාට කැදවුම්කරු වෙන මොහොතේ වැඩිම මඩවැදීමේ වාර්තාවට හිමිකම් කියන්නෙ වසන්ත වෙන්න ඕනෙ. හැබැයි ඌ ඒ කතා කිව්ව උන් එක්ක බැනගන්නවවත් අඩුම ගානෙ ⁣fb එකේ කමෙන්⁣ට් එකක්වත් දාල තියෙනව මං දැකල නෑ. හැබැයි භාවිතයෙන් ඌ උත්තරදීල තියෙනව ඒ අයගෙ කටයි #යි ඔක්කොම වැහෙන්න.

වැදගත්ම දේ ඒ උත්තර දුන්නෙ වසන්ත නෙමෙයි. වසන්තත් වසන්ත වටේ ඉදල ඒ වෙනුවෙන් නැහුන ජීවිතේ දේවල් කැපකරපු සහෝදර සහෝදරියන්ගෙ සාමූහික ශ්‍රමයක් තමයි ඒ. අලුතෙන් පත්වෙච්ච සහෝදරයටයි සෙට් එකටයිත් කියන්න තියෙන්නෙ මේ සමාජය වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් වැඩකරපලලා. එක එකාලට උත්තර දෙන්න යන්න එපා. උන්ට උත්තර හම්බවෙයි. ජය…

(හිත හොදින් ගේන සාධාරණ විවේචන වලට මේක අදාල නෑ. ඒව දැනටත් වඩා වැඩි බරකින් උඹල ගන්න ඕනෙ)


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *