මහින්ද ශිරානිට කළ දේ සහ රනිල් ජනකට කරන්න යන දේ
පසුගිය විදුලි ගාස්තු ඉහළ නැඟීම දින මාස එක හමාරක පමණ කාලයක් ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව එම මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති වරයා ගෙන් අයකර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 3200 ක පාඩුවක් සිදුව ඇති බවත් එම පාඩුව මහජන උපයෝගීතා කොමිසම හිටපු සභාපති ජනක රත්නායක අයකරගත යුතු බවත් ආන්ඩුවේ මතයයි.
පසුගිය ජනවාරි පළවෙනිදා සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබූ නමුත් කොමිසමේ සභාපති වරයා ලෙස ජනක රත්නායක මහතා එය පෙබරවාරි මාසයේ මැද දක්වා දක්වා කල් දමන ලදී.
ඒ අනුව විදුලි බිල ඉහල දැමීම ප‍්‍රමාද වීමෙන් මාස එක හමාරක පාඩුව රුපියල් කෝටි 3200 ක් වන බවත් එය කරගත යුතුව ඇත්තේ ජනක රත්නායක මහතාගෙන් බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.
මේ අතර ජනක රත්නායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීති විරෝධී වත්කම් පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

