Latestදේශීය

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ගැන හොයන්න එපා

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් නොකරන ලෙස කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක තමන්ට දැනුම් දී තිබෙන බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දන්වා තිබේ.

එම අධිකාරිය පවතින්නේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වන නමුත් එහි ගණන්දීමේ නිලධාරියා වන්නේ අමාත්‍යාංශ ලේකම්වරියය.

තමන්ට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටද (කෝප් කමිටුව) දන්වා තිබේ. ලේකම්වරිය මේ බව දන්වා ඇත්තේ පාර්ලිමේන්තුවේදී පෙරේදා (24 වැනිදා) පැවති කෝප් කමිටුවේදීය.

කවර තත්ත්වයක් යටතේ වුව තමන්ගේ වගකීම පැහැර නොහරින බවත් ලේකම්වරිය සඳහන් කර ඇත.

‘‘අපි කරන නිර්දේශ ඔබතුමිය ක්‍රියාත්මක කරන්න. ඇමැතිතුමාට අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් කරයි. අපි වෙලාව දෙන්නෙත් නැහැ. එතුමාට පුළුවන් අවශ්‍ය නම් පැහැදිලි කිරීමක් කරන්න’’ යැයි කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර ප්‍රකාශ කර ඇත.

රාජ්‍ය ඇමැතිවරයා කර ඇත්තේ සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් යැයි මෙම කමිටුවට එක්ව සිටි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි දයාසිරි ජයසේකර පවසා තිබේ.

‘‘රාජ්‍ය අමාත්‍යාංශවලට කලින් ලේකම්වරු හිටියත් දැන් නැහැ. කැබිනට් අමාත්‍යාංශ ලේකම්ට කිසිදු මැදිහත්වීමක් කරන්න එපා කියන්න රාජ්‍ය ඇමැතිවරයාට කිසිම අයිතියක් නැහැ. ඒක වැරදියි. අපි සම්පූර්ණයෙන් ලේකම්වරියට අවශ්‍ය සහාය දෙනවා’’ යැයිද මන්ත්‍රිවරයා ප්‍රකාශ කර ඇත.

@Aruna


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *