ඉන්ධන කෝටාව ඉහළ දැමීමට පියවර
ලබන අඟහරුවාදා (30) සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.
ඒ අනුව ලියාපදිංචි කුලී ත්‍රීරෝද රථයක් සඳහා ඉන්ධන ලීටර් 22 ක් සහ අනෙක් ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 14ක් ලෙස ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිතයි.
යතුරු පැදි සඳහා ලීටර් 14ක් සහ මෝටර් රථ සඳහා ඉන්ධන ලීටර් 40ක් ලෙස නව ඉන්ධන කෝටාව හරහා ඉන්ධන හිමිවේ.
මෝටර් රථ සඳහා සතියකට ඉන්ධන ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.
වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඈත.
මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

