අපොස සා/පෙළ විභාගය හෙටින් ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වන අතර ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන මේවන විටත් සුදානම් කර ඇත.
මැයි 15 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ 2022 සාමාන්‍ය පෙළ විභාගය පසුගියදා පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඇතුළු අර්බුද කිහිපයක් හේතුවෙන් දෙසතියකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.
ඒ අනුව හෙටින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ජුනි මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568කදී පැවැත්වීමට නියමිත විභාගය සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

