සල්ලි දෙන්න, මිහින්තලේට විදුලිය දෙන්නම්
මිහින්තලා පොසොන් උත්සවයට විදුලිය ලබා දීම කිසිදු ගැටළුවක් නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
එම උත්සවය සඳහා විදුලි පිරිවැය ඇස්තමේන්තුවක් විදුලිබල මණ්ඩලය විසින් ලබා දී ඇති බවත් එය ගෙවූ පසු විදුලිය ලබා දීමට කිසිදු ගැටළුවක් නැති බව ද ඔහු පැවසීය.
මිහින්තලා පුදබිමේ විදුලි සැපයුම විසන්ධි කර ඇතැයි පළ වන ප්‍රකාශයන් සම්පූර්ණ අසත්‍ය බවත් පැවසූ ඔහු මේ දිනවල යම් නාට්‍යයක් රඟ දැක්වෙන ආකාරයක් පෙනෙන්නට ඇතැයි ද කියා සිටියේය.
මේ වන විට මිහින්තලා පුදබිමට පොසොන් උත්සවය වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂයක මුදලක් රජයෙන් ලබා දී ඇති බවද පැවසූ ඔහු පවතින ගාස්තු ක්‍රමය අනුව මිහින්තලා හිමියන්ට අවශ්‍ය පරිදි විදුලිය ලබා දිය හැකි බවත් ඔහු උත්සව සභාවක් අමතමිනි තවදුරටත් සදහන් කලේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

