Latestදේශීය

අලි සබ්‍රි රහීම් නැවතත් ඩුබායි සිට VIP පර්යන්තයෙන් පැමිණෙයි

රුපියල් කෝටි 08කට අධික වටිනාකමෙන් යුත් රත්‍රං සහ ජංගම දුරකථන සමඟ අත්අඩංගුවට පත්ව දඩ මුදල් ගෙවීමෙන් පසු නිදහස ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් නැවත ඩුබායි රාජ්‍යය වෙත ගොස් ඊයේ (28) අලුයම කටුනායක ගුවන් තොටුපළේ VIP පර්යන්තය හරහා මෙරටට පැමිණ ඇත.

ඊයේ (28) අලුයම මෙම මන්ත්‍රීවරයා දිවයිනට එද්දී ඔහු දැඩි පරීක්‍ෂාවට ලක් කිරීමට රේගු බලධාරීන් කටයුතු කර ඇති අතර තහනම් භාණ්ඩ කිසිවක් ඔහු සතුව තිබී ඇතැයි අනාවරණය වී නැත.

එහෙත් රේගු බලධාරීන් පවසන්නේ මෙම මන්ත්‍රීවරයා ඉතාම කෙටි කාලයක් තුළ ඩුබායි රාජ්‍යය වෙත නිතර නිතර යෑම සැකයට හේතුවන බවය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *