Latestදේශීය

නැගෙනහිර ජනතාවට විශේෂ ජංගම සේවයක්

යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් නැවත පැමිණ නැගෙනහිර පළාතේ පදිංචි ජනතාවට හා පළාතේ සෙසු ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු විසදීම සදහා 2023 මැයි මස 26 සහ 27 දෙදින පැවැත්වූ විශේෂ ජංගම සේවයේ පළමු දින වැඩ සටහන  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි.

සියලු ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවට සුරකින සාමය හා සහෝදරත්වය සවිබල ගැන්වෙන සමෘද්ධිමත් ශ්‍රී ලාංකේය ජන සමාජයක් ගොඩ නැංවීම අරමුණු කරමින් ශ්‍රි ලංකාවේ සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සෑම පළාත් ලේකම් කාර්යාලයකදීම එකම දින එකම වේලාවක ප්‍රදර්ශනය සහ කතිකාවට ලක් වෙන ජාතික සමගිය යළි සමාලෝචනය කෙරෙන සිනමා සම්ප්‍රාප්තිය වැඩ සටහන ආරම්භ කරමින් පළමු චිත්‍රපට ප්‍රදර්ශනය,ආරම්භ වු අතර, එහිදී කාශ්මීර අර්බුදය සමග සාම්ප්‍රදායික පණ්ඩිත් ජනතාව මුහුණ දෙන වාර්ගික අර්බුදයේ ඛේදවාචකය තේමා කරමින් අධ්‍යක්ෂණය කර ඇති SHIKARA හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *