පොසොන් උත්සවයට ප්‍රවාහන සේවා සූදානම්
මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත.
මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ වන විටත් නගරය කේන්ද්‍ර කොට ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සූදානමින් සිටී. පොසොන් සතිය ඇරඹෙන්නේ මැයි මස 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වායි.
මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව ජාතික පොසොන් උත්සවයේ අවසන් සාකච්ජාවට සහභාගී වූ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දුම්රිය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවසීය.
ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුමිරිය ගමන් වාර 10 ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10 ක් අලුතින් එක් කරන බව ඒ මහතා පැවසීය.
ඒ අනුව ඒමට ගමන් වාර 5 ක් සහ යාමට ගමන් වාර 5 ක් ලෙස එම ගමන් වාර යෙදවෙනු ඇති. අවශ්‍යතාව මත තව දුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමට බලාපොරොත්තු වෙයි.
දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400 ක් යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි. පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකයි. මෙවර බැතිමතුන් විශාල පරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරන බැවින් තවත් බස් රථ සියයක් සූදානම් ඇති වන උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.
@Media Unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

