Latestදේශීයමතවාද

අරගලය හෑල්ලු කිරීමේ හොරාපක්ෂ අභිමානය හා රාජපක්ෂ නැගිටීම

ශ්‍රී ලංකාවේ කුප්ප වැඩක් කළොත් ඒකා අරගලයේ හිටපු ක්‍රියාකාරිකයෙක්. හරියටම කිව්වොත් අරගලය රටට වින කරන උන්ගේ වැඩක් කියන එක ජන මනසට දාන්න ගෙනියන කැම්පේන් එක. රට බංකොලොත් වුනේ, පෝලිම් ඇති වුනේ අරගලය නිසා වගේ සීන් එකක් දැන් තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ අසමත් ජනාධිපති රට බින්දුවෙනුත් පහළට දාල බංකොලොත් කළ නිසා අරගලය ඇති වුණා කියල අමතකයි. නෑ. ඒක අමතක කරල රට නැති වුනේ හා නැති කරන්නේ අරගලයේ උන් කියල මනස හදන්න යන වැඩක්.

පහුගිය කාලයේ බෞද්ධාගම විනාස කරන්න ආපු බෝන් අගේන් ජෙරම් කරලියේ හිටිය. එයා බැහැල යනකොට නතාෂා ඇවිත්.

ඇත්තටම බුදු දහමට අපහාස කරන්නේ පන්සල් ඇතුලේ සිවුරකින් විලි වහගත්ත සෙට් එක. එයාල සසර කෙටි කරගන්න මොකුත් නොකර ලොකුම පිළිම ලොකුම පන්සල් හදන්න තරගයක. බුදු හාමුදුරුවෝ දේශනා කළ අත්හැරීම අත ඇරපු සෙට් එක. එක්කෙනෙක් හොදම ගොවියා වෙන්න හදනකොට තව එක්කෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී අසුනකට මරා ගන්නව. ඒ අස්සේ පන්සල් අයිතියට නඩු කියන පොඩි හාමුදුරුවන්ට ලිංගික අතවර කරපු සැට් එකක්ම නැතුවා නෙවෙයි.

මේ එක තැනකින් වත් නිවන තේමාවූ ආර්‍යාෂ්ඨාංගික මාර්ගය හෝ භාවනාව ගැන, සිත දියුණු කිරීම ගැන අංශු මාත්‍රයක දෙයක් රටට කියන් නෑ. මොකද එහෙම උනොත් එයාල නිරුවත් වෙනව.

ඉතින් මෝඩ තකතීරු බෞද්ධ කියන අති බහුතරය හිතන් ඉන්නේ නිවන් දකිනව කියන්නේ මැරෙන එකට කියල. ඉතින් හොදම හොරු නෑ උන් කම්බ හොරු කියන දේශපාලුවන්ට සමාජ මාධ්‍ය තුල නිවන් සුව කියල කමෙන්ට් කරනව.

ලෝකයේ තියෙන උතුම්ම දේ නිවන. ඒක ලැබෙන්නේ නැත්නම් දකින්නේ ජීවත් වෙලා ඉන්නකොට. නිවන් දකින්න නම් ආර්‍යාෂ්ඨාංගික මාර්ගයේ යන්න ඕන. බුදු හාමුදුරුවෝ දේශනා කළේ එහෙම. හැබැයි ගොං තකතීරු මෝඩ මූසල නාමික බෞද්ධ කියන සෙට් එක වගේම රැල්ලට නිරාගමික කියන පූචානුවෝ බුදු දහම දන් නෑ. ඒක හොයපල්ල.

බෞද්ධ දර්ශනය මෝඩයන්ට නොවේ !

මහණෙනි, අනුන් විසින් මාගේ හෝ ධර්මය ගැන හෝ සංඝයා වහන්සේලා ගැන හෝ නුගුණ කියත්ද, ඒ නුගුණයෙහි ඔබ විසින් කෝප නොකළ යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය. සිත් අසතුටු නොකළ යුත්තේය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඔබ කිපෙන්නේ නම් හෝ නොසතුටු වන්නේ නම් හෝ එයින් ඔබටම අන්තරාය වන්නේය.

මහණෙනි, අනුන් විසින් මාගේ හෝ ධර්මය ගැන හෝ සංඝයා වහන්සේලා ගැන හෝ ගුණ කියත්ද, ඒ ගුණ කීමෙහි ඔබ විසින් සිතේ උඩඟු බව ඇති නොකළ යුත්තේය. උද්දාමය නොඉපදවිය යුත්තේය. සිත් සතුටු නොකළ ගත යුත්තේය. ඒ ගුණ කියන්නන් කෙරෙහි ඔබ උඩඟු වන්නාහු නම් හෝ උද්දාමයට පත්වන්නාහු නම් එයින් ඔබටම අන්තරාය වන්නේය.

භාග්‍යවතුන් වහන්සේ ~ බ්‍රහ්මජාල සූත්‍රය ~ දීඝ නිකාය.
එදා භාග්‍යවත් සම්මා සම්බුදු අමාමෑණී අප තිලෝගුරු ගෞතම බුදුන් වහන්සේ දේශනා කළ අන්තරාය අත ලගම ඇත.

ඒ රාජපක්ෂ යලි නැගිට්ටවීම නොහොත් හොරාභිමානය. හොරාපක්ෂ අභිමානය වෙනුවෙන් මේ දිනවල ආගමික අන්තවාදය පෝෂණය වෙමින් ඇත. ඒ බෞද්ධාගම අනතුරේ. රට අනතුරේ. මේ වෑයම රාජපක්ෂලා වෙනුවෙන් නොව බෞද්ධාගම බේරා ගැනීම වෙනුවෙනි කියල ජනාධිපතිකම ඩැහැ ගැනීමට නොවන බව කිව හැක්කේ කාටද ?

මේ ගැන ලියපු පෙර සටහන් මෙතනින්..

http://cmn.lk/2023/05/25/ මීළඟ-ජනපති-වෙනුවෙන්-බෙල්/

සිදුහත් ඉපදුන ගමන් ඇවිද්දද ? ඇත්තටම දඹදිව කියන්නේ ඉන්දියාවද ? නැත්නම් ලංකාවද ? රහත් උනාම උඩින් යන්න පුළුවන්ද ? මෙකී නොකී බෞද්ධ සාහිත්‍ය ගැන හොයන් නැතුව හොයපල්ල බුදු හාමුදුරුවෝ දේශනා කළේ මොකක්ද කියල. අන්න එතකොට කාලාම සූත්‍රයේ සදහන් බෞද්ධාගම විසින් මරා දැමූ බුදු දහම හමුවේවි. හොයපල්ල ළඟ ඉන්න එකා ගැන නැතුව උඹ ගැනම. අන්න එදාට උඹ දිනුම් මිත්‍රයා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *