Latestවිදේශීය

මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීමක්

වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඊයේ (28) රාත්‍රී 11.40ට පමණ ඇතිවුණා. ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද (29) උදෑසන අනතුරු අඟවා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි SRC දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල හානියක් හෝ තුවාල කිසිවක් වාර්තා වී නැති නමුත් අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා (SES) කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට සූදානමින් සිටින ලෙස බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *