Latestදේශීය

ණයට අරන් පාරවල් හැදීම

අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට යැයි පවසමින් “ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය” ලෙස නම් කර ගන්නා ලද ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53ක ණයක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ බව අනාවරණය කරමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් මෙම ණය ලබාගන්නා බවය.

රට මේ වනවිටත් දැවැන්ත ණය බරකින් පෙළෙන අතර ඇමති බන්දුල ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් පවසන්නේ, ඉතිහාසයේ පටන්ම රට තුළ සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලැබුණු ණය මත ක්‍රියාත්මක වූ බවය.

ඇමති බන්දුල ගුණවර්ණ මේ බව අනාවරණය කර ඇත්තේ, පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී ය.

පසුගිය පාලන සමයන්වලදී පාලකයන් විසින් ණය ලබාගෙන මාර්ග ඉදි කිරීම ජනප්‍රිය ව්‍යාපෘතියක් බවට පත්ව තිබූ අතර මෙරටට ලබා ගත් ණය මුදලේ වටිනාකමට සාපේක්ෂව වත්කම් නැති බවත් විශේෂයෙන් මහාමාර්ග ඇතුළු ව්‍යාපෘතිවලින් වැඩිම මුදලක් වෙන්ව ඇත්තේ හොරකම්, වංචා සහ දූෂණවලට බවත් මේ වනවිට රටම දන්නා කරුණකි. එලෙස හොරකම්, වංචා සහ දූෂණ සිදුවූ බවට පසුගිය කාලයේ විවිධ සංවිධාන, පාර්මේන්තු කමිටු සහ විගණන වාර්තාවලින්ද හෙළිදරව් වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *