Latestක්‍රීඩා

IPL කිරුළ යලිත් චෙන්නයි රජවරුන්ට

ඊයේ රාත‍්‍රියේ පැවති ඉන්දීය ප‍්‍රිමියර් ලීග් අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායම පරදවමින් චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේය.

මෙය චෙන්නායි කණ්ඩායම IPL කිරුළ දිනාගත් පස්වන අවස්ථාවයි.

තරගයේ කාසියේ වාසිය දිනා චෙන්නායි කණ්ඩායම පන්දු රැකීමට තීරණය කල අතර පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවූ අතර ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.

තියුණු තරගයකින් පසු පන්දුවාර 15 අවසානයේ ලකුණු 171 රැස්කර තරගය ජය ගත්තේය.

අවසන් පන්දුවාරයේදී අවසන් පන්දු දෙකට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ලකරමින් රවීන්ද‍්‍ර ජඩේජා තරගයේ ජය චෙන්නයි පිලට ලබා ගැනීමට සමත් විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *