Latestදේශීය

ආනයනික ඇතැම් ආහාර වල බැරලෝහ සහ ආසනික්

ශ්‍රී ලංකාවට ආනයනය කරන කරවල, හාල්මැස්සන් හා පළතුරු සමහර තොගවල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සිදුකල 2021 – 2022 කාලය තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදී හෙලිවී ඇතැයි වාර්තා වේ.

මේ අතර ආනයනික පළතුරු සමහර තොගවල බැර ලෝහයක් වන ඊයම් (Lead) විශාල ලෙස අඩංඟු බවද මෙහිදී අනාවරණය වී ඇත.

මෙම තත්වය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් කරවල, හාල්මැස්සන් හා පලතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත්, ආනයනික පළතුරුවල අඩංගු බැර ලෝහයක් වන ඊයම් ප්‍රතිශතය පිලිබඳව පරීක්ෂා කිරීම 2023 ජූනි පළමුවනදා සිට අනිවාර්ය කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවට කරවල හාල්මැස්සන් ආනයනයේදී බැරලෝහ ආසනික් වැනි විෂ ද්‍රව්‍යද පළතුරු ආනයනයේදී ඊයම් ඇතුළු බැරලෝහද තිබිය හැකි අවම ප්‍රමාණයට වැඩිපුර අඩංගුව නැති ආහාර ද්‍රව්‍ය පමණක් ආනයනයට අදාල සමාගම් හා පුද්ගලයින් වග බලා ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ඔවුන්ට දැනුම්දී ඇත.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙලඳ ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසා දැන ගැනීමට විශේෂිත දුරකථන අංකයක්ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දී ඇත.

එම අංකය වන්නේ 0112112718 යන්නය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *