Latestදේශීය

රෝසි තාමත් නිල නිවසේ

කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිකි රෝසි සේනානායක මේ වන විටත් නගරාධිපති නිල නිවසේ රැඳී සිටින බව වාර්තාවෙයි.

එම නගර සභාවේ නිල කාලය අවසන්ව මේ වන විට මාස තුනක පමණ කාලයක් ගත වී තිබේ.

ඇයගේ පුද්ගලික නිවස අලුත් වැඩියා කරන බැවින් පසුගිය මැයි 16 වැනි දා තෙක් නිල නිවසේ රැඳී සිටීමට බස්නාහිර ආණ්ඩුකාර වරයාගේ අවසර ලබාගෙන තිබිණි.

නමුත් එම අවසර කාලයද මේ වනවිට ඉක්ම ගොස් ඇතත් ඇය තවදුරටත් මෙසේ නිල නිවසේ රැදී සිටී.

කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කරන්නේ හිටපු නගරාධිපතිනිය රැුදී සිටින්නේ ආණ්ඩුකාර වරයාගේ අවසරය මත බවත් එම කාලය තවදුරටත් දීර්ඝ කර ගත්තේ දැයි තමන් නොදන්නා බවත්ය.

කෙසේ වෙතත් නිල නිවස නිසි පරිදි ඇය ආපසු භාර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කොමසාරිස්වරිය කියා සිටියාය.

මේ අතර ජනාධිපතිවරයා ගේ උපදේශිකාවක ලෙස දැනට පත්වීම් ලැබ සිටින රෝසි සේනානායක මහත්මිය නගරාධිපතිනි ලෙස කටයුතු කරද්දී භාවිතා කරන ලද නිල රථය හා එහි රියැදුරු ද තමන්ට භාවිතයට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව නගර සභාවෙන් එම රථය ජනාධිපති ලේකම් කාර්යාල වෙත මුදා හැර ඇති බව වාර්තා වෙයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *