ඇතැම් ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.
එසේම එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවය.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

