ඉන්ධන මිල ඉහලට සහ පහලට
ඊයේ(31) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.
මෙම මිල සංශෝධනයේදී ඔක්ටේන් 92, පෙට්‍රල්, භූමිතෙල්, කාර්මික භූමිතෙල් මිල අඩු කර ඇති අතර ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් මිල ඉහළ දමා තිබේ.
එම මිල සංශෝධනය මෙසේය.
92 ඔක්ටේන් පෙට‍්‍රල් රුපියල් 15 අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 318කි.
ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 20 ඉහල යන අතර නව මිල රුපියල් 385කි.
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යන අතර එම ලීටරයක නව මිල රැපියල් 340කි.
ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් මිල අඩු කෙරෙන අතර ලීටරයක නව මිල රුපියල් 245කි.
ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් අඩු කෙර ඇති අතර එම ලීටරයක නව මිල රුපියල් 270කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක රුපියල් 310ක මිල නොවෙනස්ව පවතී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

