Latestවිදේශීය

උතුරු කොරියාවේ අසාර්ථක ප්‍රයත්නය

අභ්‍යවකාශයට චන්ද්‍රිකාවක් යැවීමේ සිය සැලැස්ම අනතුරක් හේතුවෙන් සාර්ථක නොවූ බව උතුරු කොරියාව පවසයි.

එම චන්ද්‍රිකාව මුහුදට කඩා වැටී තිබේ.

උතුරු කොරියාව මීට පෙර නිවේදනය කළේ අමෙරිකානු හමුදා ක්‍රියාවන් සම්බන්ධයෙන් තොරතුරු සෙවීම සඳහා ජූනි 11 වනදා චන්ද්‍රිකාවක් කක්ෂගත කරන බවය.

නැවතත් ඔවුන් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට හැකි ඉක්මනින් පියවර ගන්නා බව පැවසීය.

අසාර්ථක වූ චන්ද්‍රිකාව කක්ෂගත කිරීමට ප්‍රයත්න දැරීමත් සමගම දකුණු කොරියාවේ සෝල් අගනුවර හදිසි සංඥා නිකුත්කර තිබුණි.

එසේම ජපානය, ඔකිනාව වැසියන්ට ද අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *