පදක්කම් බලාපොරොත්තු සහිතව තරුෂි අවසන් තරගයට
වලළ ඒ රත්නායක විද්‍යාලයේ තරුෂි කරුණාරත්න අදදින දකුණු කොරියාවෙදී ආරම්භ වූ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූර්තාවයේ කාන්තා මීටර400 පූර්ව වටයේ තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා.
මෙම ජයග්‍රහණය සඳහා තරුෂින්දැක්වූ දක්ෂතාවය වූයේ තත්පර 53:99 ක්. මෙම තරගයේ දෙවන ස්ථානය දිනාගනු ලැබුවේ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජයේෂි උත්තරා ක්‍රීඩිකාවයි.
පැවැත්වූ මූලික තරගවල සියලුම තරග වලදී ඉන්දියානු ක්‍රීඩිකාව ගත් කාලය අනුව ප්‍රථම ස්ථානයේ පසුවන අතර දෙවන හා තෙවන ස්ථානයේ පසුවන්නේ ශ්‍රී ලංකික ක්‍රීඩිකාවන් දෙදෙනායි. මෙම මීටර් 400 අවසන් තරගය තව පැය කිහිපයකින් පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

