පොසොන් කලාපයක ගැටුමක්
(දිනිතා රත්නායක)
කුලියාපිටිය නගරාසන්නයේ පොසොන් කලාපයක තිබූ හොල්මන් මන්ධිරයේ මෘත දේහය හා පිරිසක් අතර ඇතිව තිබූ ගුටිකෙලියක් හේතුවෙන් මෘතදේහය හා අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය සුභාරතී පුර ප‍්‍රදේශයේ පැවති පොසොන් සැනකෙලිභූමියේ ස්ථාපිත හොල්මන් මන්ධිරයක් තුළ මෘතදේහයක් ලෙසින් ර`ගපෑ අයෙකු හා ඔහු සමගින් ආරවුලක් ඇතිකරගත් බව කියන පිරිසකි.
සැනකෙළිය පැවැත්වෙමින් අතරතුර පිමිණ තරුණ කණ්ඩායමක් මෘත දේහයට මූ මැරිලාද බලමු යන්න කියමින් කම්මුල ප‍්‍රදේශට වැරෙන් පහරක් එල්ල කළ බව මෘතදේහයට පෙනීසිටි අය ප‍්‍රකාශ ලබාදුන් බව පොලිසිය කියයි. එහිදී තමන් එය ඉවසාගත නොහැකිව මිනී පෙට්ටියෙන් නැගිට පහරදුන් පුද්ගලයාට පෙරළා පහරදුන් බවත් පසුව එහි සිටි පිරිස් ඊට මැදිහත්වූ බවත් පැවසීය. මීට පෙර දිනයේද පැමිණි පිරිසක් තමන්ගේ හුස්ම සිරවන තෙක්ම නාසය මිරිකාගන සිටි බවත් පැවසූ මෘතදේහයට පෙනීසිටි අය වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි තාඩන පීඩන රැසකට මුහුණ දී තිබීම හේතුවෙන් එම මොහොතේ තමන්ට ඉවසාගත නොහැකිවූ බවයි.
පොලිසිය එම ස්ථානයට යනවිටත් හොල්මන් මන්ධිරය අපායක් බවට පත්වෙමින් තිබූ බවද පොලිසිය කියයි. එහිදී පාර්ශව දෙකම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ.
පසුව වැඩිදුරටත් කළ ප‍්‍රශ්න කිරීම හමුවේ එම මෘතදේහය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටිමින් සිටි දරුවෙකු බව හෙළිවීමත් සමගින් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂ බණ්ඩාර විජේසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත පොසොන් පොහොය හා සැනකෙළි මෙන්ම පොසොන් පෝය හා හොල්මන් මන්ධිරය පිළිබ`දව පහදා දී පොලිස් ඇප මත මුදාහැරීමට විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක රන්ජන් මහතා කටයුතු කර තිබිණ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

