Latestදේශීය

අනුරට සහ ජවිපෙ නායකයින්ට වාරණ නියෝගයක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අද දිනයේ එම පක්ෂය විසින් රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරියේ පැවැත්වීමට සංවිධානය කර ඇති විරෝධතාවයට අදාලවයි.

විරෝධතාවයේදී මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම වළක්වාලමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

විජිත හේරත්, කේඩී ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට මෙම වාරණ නියෝගය අදාළ වෙයි.

කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර, මැතිවරණ කාර්යාලය ප්‍රවේශ මාර්ගය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය යන ප්‍රදේශයන්හි විරෝධතා පැවැත්වීම හා මාර්ග අවහිර කිරීම තහනම් කරමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

වැලිකඩ පොලිසිය විසින් අධිකරණයෙන්ම ඉල්ලීමක් කර තිබුණේ මෙම විරෝධතා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සඳහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බව සඳහන් කරමිනි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *